භාෂණ පරිවර්තකයන් ජනාධිපතිවරණ වේදිකාවට! ගෝඨාගේ සංවේදී දැක්මට දසතින් ඇගයුම්!

September 6, 2019 at 11:49 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන ජනහමු සඳහා භාෂණ පරිවර්තකයන් (interpretors) යොදා ගැනීම බොහෝ පාර්ශවවල ප්‍රශංසාවට බදුන් වී ඇත.

එම අවස්ථාවලට සහභාගී වන ශ්‍රවණ ඌනතාවලින් පෙළෙන ජනතාව සඳහා මෙය ඉතාම පහසුවක් වන අතර එය දැඩි චරිතයක් ලෙස හුවා දැක්වා තිබූ ගෝඨාභය රාජපක්ෂ චරිතයේ සංවේදිභාවය සහ ඔහු සතු නව දැක්ම කියාපාන කැඩපතක් ලෙස බොහෝ දෙනා හඳුන්වති. මෙවැනි කටයුත්තක් පෙර කිසි දිනක මෙරට දේශපාලන වේදිකාවේ දක්නට නොලැබුණු බව විචාරකයන්ගේ අදහසය.

මේ වන විට ජාතික රූපවාහිනය සිය ප්‍රවෘත්ති විකාශය සඳහා එවැනි භාෂණ පරිවර්තකයන් යොදා ගත්ත ද සෙසු බොහෝ මාධ්‍ය මේ පිළිබඳ අවධානය යොමු කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස