බොරු බිල්ලෝ මවන්න එපා! විස්සෙන් 78ට වඩා බලයක් ජනපතිට නෑ! – සබ්‍රි

October 22, 2020 at 9:11 am | by emanisa.lk

20 වෙනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති බලතල 1978 ව්‍යවස්ථාවේ බලයට වඩා ඉහළ නොයන බවත් එම බලතල 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ද වඩා අඩු බවත් අධිකරණ ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසී ය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය බිල්ලෙක් නො වන බවත් 1978 දී සම්මත කරන ලද ව්‍යවස්ථාව යනු බලතල සාන්ද්‍රණය වැඩි ම ව්‍යවස්ථාව බවත් 20 වැනි සංශෝධනයෙන් 78 ව්‍යවස්ථාවේ ඇති බලයක් ලබා දීමක් සිදු කරන්නේ නැති බවත් හෙතෙම කියා සිටියේ ය.

19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කළේ ජනතාව වෙනුවෙන් නොව, ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි රනිල් වික‍්‍රමසිංහට කුමන්ත‍්‍රණයකින් ජනපති බලය කොල්ලකෑමට බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එහෙත් මේ වන විට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අයත් එහි නිර්මාතෘවරුත් සොයා ගන්නවත් නැතැයිද අධිකරණ ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස