බොරු බිල්ලන් මවමින් විදුලි බල මණ්ඩලයට බිලියන 130ක් පාඩු කළ ඇමති රවීට සහ බටගොඩට එරෙහිව පියවර ගන්න!

November 29, 2019 at 8:40 am | by emanisa.lk

බොරු විදුලි හිඟයක් මවා පා විදුලිබල මණ්ඩලයට රු. බිලියන ගණනක පාඩුවක් සිදුකළ හිටපු විදුලිබල ඇමැති රවි කරුණානායක සහ අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ යන දෙදෙනාට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සඳහන් කරයි.

අනියත බියක් ඇති කරමින් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිස විදුලිබල පනතේ ප‍්‍රතිපාදනවලට ද පටහැනිව හදිසි විදුලිය මිලදී ගැනීම නිසා 2019 වසරේ පමණක් රුපියල් බිලියන 130ක පාඩුවක් විඳීමට විදුලිබල මණ්ඩලයට සිදු වූ බවත් එම නිසා එහි වන්දිය රටේ සමස්ත ජනතාවට ගෙවීමට සිදුවී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙම පිරිස විසින් මහජන උපයෝගිතා කොමිසමේ ද අනුමැතිය නොමැතිව ටෙන්ඩර් ක‍්‍රමයට ද පිටතින් 2016 වසරේ මෙගා වොට් 100 ක් ද 2017 වසරේ මෙගා වොට් 120 ක් ද 2018 වසරේ මෙගා වොට් 170 ක් ද 2019 වසරේ මෙගා වොට් 370 ක් ද මිලදී ගැනීම නිසා මෙසේ විදුලිබල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත්වුණු බව සංජීව ධම්මික වැඩි දුරටත් පැවසීය.

ඔහු මේ බැව් පැවසුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ කාර්යාලයේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස