හොරපාරේ චීන සමාගමකට වායු බලාගාර ටෙන්ඩරේ දෙන්න ගිය රවීට වැඩ වරදී!

February 11, 2019 at 5:39 am | by admin

කෙරවලපිටිය එල්.එන්.ජී. (ස්වභාවික ද්‍රව වායු) බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව චීන සමාගමකට පැවරීම වළක්වාලන රිට් තහනම් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ලක්දනවි නමැති දේශීය සමාගම ගොනු කළ පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය ඉකුත් සිකුරාදා තීරණය කළේය.

අභියාචනාධිකරණය විසින් එම තීරණය ගනු ලැබුවේ පෙත්සමේ ඇතුළත් කරුණු සහ ලක්දනවි සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සෑහීමකට පත්වීමෙන් අනතුරුවයි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති දීපාලි විජේසුන්දර මහත්මිය සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ පෙත්සම සලකා බැලිනි.

පෙත්සම විභාග කිරීම සඳහා වගඋත්තරකාර පාර්ශ්වයන් වන විදුලිබල හා බලශක්ති ඇමැති රවි කරුණානායක සහ අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ ඇතුළු වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *