ශ්‍රී ලංකාවෙන් බුර්කා පමණක් නොව ෂාරියා නීතියත් තහනම් කරනු! – සිංහල මුස්ලිම් තරුණයෙක් ඉල්ලයි…

April 24, 2019 at 3:25 pm | by admin

පසුගියදා අප රට මුහුණ දුන් ඛේදවාචකය පිළිබඳ මුස්ලිම් තරුණයකු ෆේස්බුක්හි තැබූ සටහනක් මෙසේය. ඔහු එහිදී තමා ආගමෙන් ඉස්ලාම් ජාතියෙන් සිංහල තම්බියෙක් යනුවෙන් හඳුන්වා තිබේ.

“මගේ ශෝක පණිවිඩේ උබලට කන්නද? මම සමාව ඉල්ලුවොත් දැන් එතකොට හරිද?…….

මහ ජාතියේ උබලා හරි මෝඩයි ලද බොළදයි බන් උබලා හිතන් ඉන්නේ සංහිදියාව කියන්නේ සුළු ජාති අපි කරන කුප්ප වැඩ ඉවසීම කියලා, අපි මහ ජාතියක් වුන දවසට උබලා හිතනවද අපි මෛත්‍රී කරයි කියලා?

අපේ තම්බි ටීවී එකෙයි බුකියේයි සංහිදියා බයිලා ගැහුවට දීල බලපන්කො ආණ්ඩු හෝ පාලන බලයක්… සූ ගලා බේරෙයි සංහිදියාව.

වෙන්න ඔනි වැඩ ටික මේකයි.

1) තව්හීඩ් ජමාත් කණ්ඩායම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කීරීම.

2) මෙම ත්‍රස්තවාදී කණ්ඩායමට අදාල සියලුම පල්ලි සහ සාමාජිකයන් දැඩි පරික්ෂාවට ලක්කිරීම.

3) මෙම ත්‍රස්තවාදී කණ්ඩායම විසින් යුද්දෙන් පසුව බුර්කාව ලංකාවේ වඩාත් ප්‍රචලිත කරුණු ලැබුවේය මෙය ජාතික ආරක්ෂාවට සහ ලංකික සංස්කෘතියට තර්ජනයක් සේ සලකා බුර්කාව තහනම් කල යුතුයි.

4) මුස්ලිම් සමාජය සදහා ඇති විශේෂ නීති (ෂරියා) අහෝසි කර විශේෂ සැලකිලි අහෝසි කල යුතුයි.

අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෙයට වඩා උචිත අවස්ථාවක් නැත එම නිසා පක්ෂ විපක්ෂ දෙකේම මහජාතියේ උන් එකතුවෙලා මේවා කරපියව්.

අපේ තම්බි රෙදි උස්සගෙන එයි ඉතින්, උබලට කොහොමත් මේවා එළිපිට කියන්න බැහැ මොකද උබලා කොච්චර ”I am sorry” “සංහිදියාව තමයි ඕනේ” කිය කිය බයිලා ගැහුවත් හිතේ කොනකින් කාලකන්නි සතුටක් විදිනවා මේ සිද්ද වෙච්ච විනාසය ගැන ඒ නිසා මගේ වචන උබලට රිදෙනවා.

කියන්න ඔනිදේ කිව්වා…
ආගමෙන් ඉස්ලාම් ජාතියෙන් සිංහල තම්බියෙක්.”

උපුටා ගැනීම :නෆාස් ජලාල්දීන්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස