බුද්ධි අංශ සහ ආරක්ෂ අංශ ප්‍රධානීන් රොත්තක් හෙට පාස්කු සභාව හමුවට!

July 11, 2019 at 11:38 am | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට හෙට (12) දිනයේදී බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු කැඳවීමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙඨෂ් පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ මෙලෙස කැඳවන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස