බුද්ධිමත් සුළු ජාතිකයන් ඡන්දය දෙන්නේ එජාපයටයි! ජනාධිපතිවරණය දිනන්නේ එජාපයයි! – බන්දුලලාල් බණ්ඩාරිගොඩ

June 10, 2019 at 12:44 pm | by emanisa.lk

බුද්ධිය තිබේ නම් කිසිදු සුළු ජාතිකයකු විපක්ෂයට ඡන්දය නොදෙන බවත් ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ එජාප අපේක්ෂකයා බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරීගොඩ පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඇතැම් පක්ෂ පාස්කු ප්‍රහාරය පිළිබඳ තේරීම් කාරක සභාවට එක් නොවන්නේ ඔවුන්ගේ වැරදි ද හෙළි වේ යැයි යන බියෙන් බවත් කාරක සභාවට සහභාගි වීමට හැකියාව තිබියදීත් එය මඟ හැර ගොසින් රට තුළ ආගම් බේද, ජාති බේද වැනි ගැටුම් ඇති කිරිමට උත්සහ කරන බවද මන්ත්‍රීවරයා පවසයි.

ඉතාම ඉක්මනින් ත්‍රස්තවාදීන් අල්ලා ගත් රට ලෙස ශ්‍රී ලංකාව නම් කර හැකි බවත් එය කර ගැනීමට හැකි වුයේ මුස්ලීම් ජනතාවම ලබා දුන් සහය නිසා බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස