බිග් මැච් කාලේ සූර්වෙලා පා⁣රේ නාඩගම් නටලා අහුවෙන්නෙපා! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

March 2, 2020 at 6:13 am | by emanisa.lk

පාසල් ක‍්‍රිකට් මහා තරග පැවැත්වෙන මේ කාලවකවානුවේ මත්පැන් පානය කර මහමග ජනතාවට හිරිහැරයක් වන ආකාරයෙන් පාසල් සිසුන් හැසිරෙන්නේ නම් ඒ ගැන ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන්නැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මෙහිදී  වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙෙම මෙසේ ද කීවේය.

“මේ දවස්වල පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක‍්‍රිකට් තරග උණුසුම ආරම්භ වෙලා. මේ කාලයේ දී පාසල් දරුවන් මහමගදී විනෝද වෙනවා. තවත් සමහර අය ලොරිවල ගමන් කරමින් විනෝද වෙනවා. තවත් සමහර දෙනා මත්පැන් පානය කර අන් අයට හිරිහැරයක් වන ආකාරයට හැසිරෙනවා. මත්පැන් පානය කරලා මේ වැඬේ නම් කරන්න එපා කියලා දරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා. විනෝද වුණාට කමක් නැහැ. හැබැයි මහමග ඉන්න අයට කරදරයක් නොවන ආකාරයට.

ඒ වගේම මත්පැන් පානය කරලා වාහනවල නැගලා යන්න එපා කියලා දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද වාහනයෙන් වැටිලා අනතුරක් වෙන්න පුළුවන්.

ඒ වගේම ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා මත්පැන් පානය කරලා යම්කිසි පිරිසක් ඔබට හිරිහැරයක් වන විදිහට හැසිරෙනවා නම් ළඟම ඇති පොලිසියට කියන්න කියා. එහෙම පැමිණිලි ආවොත් ඒ අයට එරෙහිව නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස