බහුජාතික කිරිපිටි වෙළෙඳපොළ කඩාවැටෙයි! මිල්කෝ මැයි මස අලෙවිය රු. මිලියන 900 පනී!

June 26, 2019 at 11:48 pm | by emanisa.lk

ජාතික කිරි මණ්ඩලය හෙවත් මිල්කෝ මැයි මස අලෙවිය මිලියන 900 ඉක්මවා ඇති අතර තව දුරටත් දෛනික යෝගට් නිෂ්පාදන තීව්‍ර කිරීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට දෛනිකව කොළඹ, පොළොන්නරුව හා දිගන කිරි කර්මාන්තශාලාවල යෝගට් නිෂ්පාදනය ලක්ෂ 5 ඉක්මවන පැවසෙයි.

කිරි නිෂ්පාදන සිදු කිරීමට අවශ්‍ය කිරි එක්රැස් කිරීම වර්ධනය කරන ලෙසත්, දින 15 න්15ට කිරි ගොවීන්ට ලබා දුන් මුදල ද දින 10න්10ට ලබා දීමට කටයුතු කරන ලෙසත් පැවසූ ඇමති පී. හැරිසන් රස කළ දියර කිරි නිෂ්පාදන, යෝගට් මුදවපු කිරි නිෂ්පාදනය මෙන්ම අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව මඟින් නිෂ්පාදනය කරනු ලබන කිරි පිටි ප්‍රමාණය ද ඉහළ දැමිය යුතු බව ද පවසා තිබේ.

බහුජාතික සමාගම්වල කිරිපිටි නිෂ්පාදනවල ඌරු තෙල්, කටුපොල් තෙල් ඇතුළු විෂ රසායනික අන්තර්ගත අඩංගු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු විද්වතුන් මෙන්ම ඇතැම් මැති ඇමතිවරුන් ද පුළුල් දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබිණි. ඊට එරෙහිව කිරිපිටි සමාගම්වල මතවාදය වෙනුවෙන් පෙනී සිටියේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න වැනි පිරසක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස