බස් අයිතිකාරයාට ඕන සිංදුවක් අහන්න අයිතියක් නැද්ද? බස් සිංදු තහනම් කළ ආණ්ඩුවට හෙණ ගහන්න ඕන! – බස් අජිත්

December 28, 2019 at 2:23 am | by emanisa.lk

බස් සිංදු තහනම් කරනවා නම් ආණ්ඩුවට හෙණ ගැසිය යුතු බව ප්‍රකට ගායක අජිත් මුතුකුමාරණ පවසයි. අජිත් මුතුකුමාරණ බස් සිංදු මල් සිංදු ආදී නම්වලින් හැඳින්වෙන ගීත විශාල ප්‍රමාණයක් ගයා ඇති ගායකයෙකි.

ආණ්ඩුව මැදිහත් වී බස් සඳහා සුභාවිත ගීත 1000ක තැටියක් නොමිලේ ලබා දීමේ තීරණයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රකාශය සිය ට්විටර් ගිණුම ඔස්සේ නිකුත් කර තිබේ.

ඒ සඳහා ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාම බස්වල අවර ගණයේ ගීත සඳහා ඉඩ ලබා නොදිය යුතු බව පවසා ඇති අතර ඇතැමුන් කිසිදු ගීතයක් බස්වල වාදනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි පෙන්වා දෙයි.

මේ සඳහා ප්‍රතිචාර දක්වමින් මුතුකුමාරණ විමසා ඇත්තේ තමන්ගේ බස් එකේ කොන්දොස්තරට සහ රියදුරාට උවමනා ගීතයක් වාදනය කිරීමට අයිතියක් නැතිද කියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස