ලංගමයේ දේශපාලන උසස්වීම් සහ වැටුප් වර්ධකවලට අධිකරණයෙන් තහනම් නියෝග!

July 17, 2019 at 12:30 am | by emanisa.lk

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නොමැතිව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට උසස් වීම් හා වැටුප් වර්ධන ලබා දීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අගෝස්තු 29 වන දින දක්වා තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් ජාතික සේවක සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය.

පෙත්සම්කාර වෘත්තීය සමිතිය අධිකරණය හමුවේ කියා තිබුණේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ඇතැම් සේවකයින්ට සම්මත පටිපාටියට පරිභාහිරව උසස්වීම් හා වැටුප් වර්ධක ලබා දීම හේතුවෙන් තම සංගමයට පමණක් නොව සෙසු සේවකයින්ට ද දැඩි අසාධාරණයක් සිදුව ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *