බල්ලෝ බළලුන් ගණනට ප්‍රසිද්ධියේ මිනි මරයි! අදත් ඇල්පිටියේ දී පුද්ගලයකු වෙඩි තබා මරා දමයි!

September 6, 2019 at 1:52 pm | by emanisa.lk

අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් කළ ලංගම බසයක සිටි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.

අද උදෑසන ඇල්පිටිය අටකෝට්ටේ පාලු ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය වල් ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් ජයවර්ධන නැමැත්තෙකි. නඩු කටයුත්තක් සඳහා ඔහු බිරිය සමඟ ඇල්පිටිය අධිකරණයට යමින් සිටියදී මෙලෙස ඝාතනය වී ඇත.

බසයේ පැමිණ වෙඩි තැබූ සැකකරු අනතුරුව බසයෙන් බැස බසය පිටුපසින් පැමිණි යතුරු පැදියක නැඟ පළා ගොස් ඇතැයිද පොලීසිය සඳහන් කරයි. තුවාලකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව