බන්ධනාගාරයේ සිට ගේම් ගහන්න තවත් බෑ! සංවිධානාත්මක අපරාධකරුවන් 150කට බූස්සේ විශේෂ ඒකකයක්!

May 24, 2020 at 4:36 pm | by emanisa.lk

කොළඹ රිමාන්ඞ්, මැගසින් සහ වැලිකඩ යන බන්ධනාගාරවල රඳවා සිටින ප්‍රබල ගණයේ අපරාධකරුවන් 150 දෙනෙකු බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි පළමු අදියර යටතේ හඳුනාගත් බන්ධනාගාර රැඳවියන් 40 දෙනෙකු ඉදිරි දෙසතියක කාලය තුළ බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන යාමට නියමිතය.

කොළඹ බන්ධනාගාරවල සිට බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට නියමිත එම රැඳවියන් බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම් හා විවිධ අපරාධ මෙහෙය වන අය බවට හඳුනාගෙන ඇත.

බූස්ස බන්ධනාගාරයට මාරු කෙරෙන එම රැඳවියන් එහි විශේෂ ඒකකයක් පිහිටුවා එහි රැඳවීමටයි සැලසුම් කර තිබේ.

එසේම එම ඒකකයට අනියුක්ත කෙරෙන නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට නියමිත බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ බන්ධනාගාරවල සිටින අදාළ රැඳවියන් බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට පෙර එම බන්ධනාගාරයේ දැනට රාජකාරී කරන නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු ලබා දීමට ද නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස