බන්ධනාගාර මිහිපිටි අපායන් බවට පත්වෙද්දි වෙන්කළ මුදලින් 77%ක් ආපසු මහ භාණ්ඩාගාරයට එවලා!

April 9, 2019 at 10:05 pm | by admin

පසුගිය වසරේ අයවැයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වෙන්කළ මුදලින් 77%ක්ම වියදම් නොකර ආපසු භාණ්ඩාගාරය වෙත යවා ඇත.

මේ පිළිබඳව අමාත්‍යංශයේ අතිරේක ලේකම් බන්දුල ජයසිංහගෙන් කරන ලද විමසීමකදී ඔහු ජනමාධ්‍ය වෙත පැවසුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට 2018 වසරේ වෙන්කරන ලද මුදලින් වියදම් කර ඇත්තේ 23%ක් පමණක් බවය.

රටේ සියලු බන්ධනාගාර ඉතාම අවම පහසුකම් යටතේ මහත් පීඩාකාරි ලෙස පවත්වාගෙන යන අතර ඒවායේ සිරකරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා අහිමි කර ඇත. මේ නිසාම බන්ධනාගාර අපරාධකරුවන් බෝ කරන ස්ථාන බවට පත්ව ඇත.

මෙවන් පසුබිමක අයවැයෙන් සිරකරුවන් වෙනුවෙන් වෙන්කරන මුදලින් කොටසක් ගසා කා ඉතිරි මුදල භාණ්ඩාගාරයට හරවා යැවීම කනගාටුදායක තත්ත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස