බදියුදීන්ට අස් නොවන ලෙස අගමැති බලකරලා!

June 3, 2019 at 3:50 pm | by admin

රටේ බහුතර ජනතාවගේ සැකයට සහ අවිශ්වාසයට ලක්ව ඇති ඇමති රිෂාඩ් බදියුදීන්ට ඉල්ලා අස් නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අද උදෑසන අරලියගහ මන්දිරයේ පැවති මුස්ලිම් මන්ත්‍රී හමුවේදී දැඩි ලෙස බලපෑම් කර ඇතැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

උන් වහන්සේ මේ බව පවසා ඇත්තේ රතන හිමියන්ගේ උපවාසයට සහාය පිණිස ආණ්ඩුව විරෝධී පාගමනක් මහනුවරින් ආරම්භ කිරීමට කටයුතු කරන බව පවසමින් එහි සිටි ජනතාව අමතමිනි.

වත්මන් ආණ්ඩුව පත් කර ගැනීමට මූලිකත්වය ගත් රතන හිමියන්ට ඒ ආණ්ඩුව වැරදි පාරේ යන විට ඊට එරෙහි වන්නට අයිතියක් ඇති බව සඳහන් කළ ඥානසාර හිමි ආණ්ඩුවට මේ ආණ්ඩුව තවත් පැවතිය යුතු නැති බව ද අවධාරණය කළේය.

ලක්ෂ 14ක මුස්ලිම් ඡන්දවලට ඇති කෑදරකම නිසා ආණ්ඩුව මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙන අන්තවාදී මැති ඇමතිලා ආරක්ෂා කරන බවට ද ඥානසාර හිමි චෝදන කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස