බණ්ඩාරනායක ඝාතනය අවස්ථාවෙත් ශ්‍රීලනිපය එල්ලුම්ගහට එරෙහි වුණා! ඒක බෞද්ධ රටකට උචිත නෑ! – චමල්

July 2, 2019 at 6:31 pm | by emanisa.lk

බෞද්ධ රටක් වූ ශ‍්‍රී ලංකාවේ එල්ලුම්ගහ යළි ක‍්‍රියාත්මක කිරීම වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බැවින් තමන් ඊට ප‍්‍රසාදය පළ නොකරන බව හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මඩුවන්වලදී පැවසීය.

එහිදී චමල් රාජපක්‍ෂ මෙසේ ද පැවසීය.

“එල්ලුම්ගහ නැති කළේ බණ්ඩාරනායක මහත්තයා. ඒ මහත්තයා ඝාතනය කරපු වෙලාවේ, නැවත එල්ලුම්ගහ ක‍්‍රියාත්මක කරන්න අවසර ඉල්ලූ අවස්ථාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවක් විරුද්ධ වුණා. ඒ නිසා එල්ලුම්ගහ නැවත වතාවක් ගේන්න හොඳ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස