පොහොට්ටුවේ නාමයෝජනා නිසා සමාජ මාධ්‍ය නොසන්සුන්!

March 13, 2020 at 9:22 pm | by emanisa.lk

එළඹෙන මහා මැතිවරණය සඳහා තරඟ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් අපේක්ෂක නාම ලේඛන කිහිපයක් සමාජමාධ්‍යවල දැකගත හැකිය.

මෙම ලේඛනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් 2015 වසරේ සිට අඛණ්ඩව පෙනී සිටි ඇතැමුන්ට නාමයෝජනා නොලැබී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට අවස්ථාව ලැබීම පිළිබඳ දැඩි විවේචන එල්ල වෙයි.

විශේෂයෙන් කැළුම් ජයසුමන, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ආචර්ය චරිත හේරත් වැනි අයට අවස්ථාව නොලැබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

කෙසේ වුවද පක්ෂ කිහිපයක් සන්ධානගත වීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති වූ බව ඇතැමුන් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස