අනුුර දිසානායකගේ පුංචි අම්මාත් පොහොට්ටුවට!

March 9, 2020 at 10:13 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ මවගේ බාල නැගණිය වන තඹුත්තේගම ඩී.එම් සුමනාවති ඊයේ (9) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තාය.

මහාචාර්ය චන්න ජයසුමනගේ අනුරාධපුර නිවසේ පැවති උත්සවයකට සහභාගී වූ ඩී.එම්සු. මනාවතී මහත්මිය ඉදිරි මහ මැතිවරණයේදී චන්න ජයසුමන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව පැවසුවාය.

මෙතුමිය මීට පෙර කථාබහට ලක්වූ අනුර දිසානායකගේ ‘පුංච් අම්මා’ නොව රණවිරුවකු දැයට තිලිණ කළ විරෝදාර මාතාවක බව පැවසෙයි.

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුතා වන උවිඳු විජේවීර මෙවර පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස