පෙන්ටගනයට ගැහුවා කියලා බුෂ් ඉවත්වුණේ නෑ! – රිෂාඩ්ගේ විශ්වාසභංගයට බය නම් කාරක සභාවක් පත් කරන්නේ නෑ! විජේපාල

May 28, 2019 at 8:00 pm | by admin

විශ්වාසභංගය මගහැර ගොස් බදියුදීන් ඇමතිවරයාට සහාය දීමට අවශ්‍ය නම් තේරීම් කාරක සභා පත් කර විවාදයට දින නියම කිරීමට කටයුතු නොකරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ගාල්ල, මීරන්දෙණිය ප්‍රෙද්ශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදි ඔහු පැවසුවේ පසුගියදා සිදු වු ප්‍රහාරයන් සම්බන්දයෙන් රජයට චෝදනා කළ නොහැකි බවත් එය ජාත්‍යන්තර ත්‍රස්තවාදය බවත්ය.

අයි.එස් ත්‍රස්තයන් අමෙරිකාවේ පෙන්ටගනයට ද ප්‍රහාර එල්ල කළ බවත් එම අවස්ථාවේදි එම රටේ කිසිවෙකුත් එම අවස්ථාවේ සිටි ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය යුතු බවට චෝදනා නොකළ බවත් මන්ත්‍රීවරයා පවසයි.

එම රටවල් ත්‍රස්තවාදය මැඩලීමට සහය පළ කළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස