“O/Lවත් නැති අයට තීන්දු ගන්න ඉඩදෙන්න බෑ….! විද්වත් වාර්තාව ලබා දෙනු…! අපට ඕන කොන්ද පණ ඇති නායකයෙක්….!” කාදිනල් හිමිත් සටනට.. එක්වෙයි…

February 20, 2021 at 10:49 pm | by emanisa.lk

සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් නැති අයට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩදිය නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව පිළිබඳ නව කමිටුවක් පත් කිරීමට එරෙහිව කටුවාපිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය අසල පැවැති විරෝධතාවකට කාදිනල් හිමියන් අද (20) හදිසියේ ම පැමිණි මේ බව සඳහන් කළහ.

“අපිට ඕනේ සාධාරණය. රජය නිහඬ ඇයි? තවත් කමිටු පත්කරන්න එපා. අපේ දරුවෝ දෙමව්පියෝ ගොඩාක් මැරිලා තියෙන්නේ. අපි ඔබ වහන්සේ සමඟ ඉන්නවා, ඔබ වහන්සේ තනි කරන්නේ නෑ. ඔබ වහන්සේ කාටත් බියවෙන්න එපා. සත්‍යය කතා කරන්න. මේ රජය කරන බොරුව අනිවාර්යෙන්ම මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ. අපි තාමත් අඬනවා.” යනුවෙන් ජනතාව පැවසීය.

එයට පිළිතුරු දෙමින් කාදිනල් හිමියන් පවසා සිටියේ, “ඔයාලා විතරක් නෙමෙයි අපිත් අඬනවා. එහෙම කිසිම අසාධාරණයක් කරන්න ඉඩ තියෙන්නේ නෑ. පාස්කු කොමිසමේ වාර්තාව අපි ඉල්ලුවා. ඒක ලැබෙන කල් මම ඉන්නේ. නමුත් අලුත් කමිටු දාලා තමන්ට අවශ්‍ය දේ තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නෑ. අපි ඉල්ලන්නේ මේ වාර්තාව සම්පූර්ණයෙන් එළදරව් කරන්න. එතකොට අපි තීරණය ගන්නම් කරන්න ඕනේ දේ. වාර්තාවේ තියෙන සමහර දේවල් හංගන්න එපා. යම් ආකාරයට රජය බයවෙලා මේක හංගනවා කියලා හැඟීමක් අපිට එනවා. නව කමිටුව අපි පිළිගන්නේ නෑ. නිලධාරින් ටික දෙනෙක්ව හිරේ දාලා මේකට පිටුපසින් ඉන්න බලවේග හංගන්න දෙන්න බෑ.”

ප්‍රශ්නය – මේකේ විසඳුම් ලැබුණේ නැතිනම් මොකද්ද හිමියනි ඊළඟ පියවර?

“අපි කිව්වා නේ අපි ජාත්‍යන්තරයට යනවා.”

ප්‍රශ්නය – ඔබ වහන්සේ වතිකානුවේ පාප් වහන්සේව දැනුම්වත් කරලා තියෙනවා ද මේ සම්බන්ධයෙන්?

“උන් වහන්සේලා දන්නවා. උන් වහන්සේලා සමග සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේ ම විවිධ සංවිධාන තියෙනවා අපේ ජාත්‍යන්තර ඒවට කරුණු ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි.”

අනතුරුව කටුවාපිටිය දේවස්ථානය වෙත පැමිණි කාදිනල් හිමිපාණන් එහිදි ද ප්‍රදේශවාසි ජනතාව සමඟ සාකච්ඡාවක නිරත වූහ.

“ඔයාලා බය වෙන්න එපා. අපි ඔක්කෝම මෙතෙන ඉන්නේ ඒකට යි. කමිටුවලින් කරන්නේ සමහර යෝජනා යටපත් කරලා අනිත් යෝජනා විතරක් ඉදිරියට ගේනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පිටකොන්දක් තියෙන නායකයෙක් ව. අපේ නායකත්වයෙන් වැඩක් නෑ කියන කියන දේට ඔලුව පාත්කරන්න ගියාම. ඔයාලගේ පැත්තේ මම ඉන්නේ. පාලනය වැරදියට කරනවා නම් අපි ඒකට විවේචනය කරනවා. උගත් මිනිස්සු 5කගෙන් සමන්විත කොමිසම දුන්න විනිශ්චය දුන්නේ ඒ කරුණු ඉෂ්ට කරන්න. ඒ නිසා O/L පාස් නැති මිනිස්සුන්ට මේක තීරණය කරන්න ඉඩදෙන්න බෑ.” යැයි කාදිනල් හිමි අවධාරණය කළහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස