පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ජනාධිපති බලයෙන් පහකර අධිකරණයක් ඉදිරියට ගෙන ආ යුතුයි! – දඹර අමිල හිමි විශේෂ තේරීම්කාරක සභාවේ තීන්දුව ලබා දී දඬුවම් නියම කරයි…(video)

June 11, 2019 at 1:58 pm | by emanisa.lk

සිරිසේන ජනාධිපතිවරයා රට තුල 250ට අධික ජීවිත සංඛ්‍යාවක් අහිමි කිරීමට ඉඩහසර සලසා දුන් බව විශේෂ තේරීම් කාරක සභාව තුළ පැහැදිලිව අනාවරණය වී ඇති මේ මොහොතේ, ජනාධිපතිවරයාට එරෙහිව පළමුවෙන්ම දෝෂාභියෝගයක් ගෙනවිත්, දුරයෙන් පහකර, ඉන්පසුව අධිකරණය ඉදිරියට ගෙන යා යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ පුජ්‍ය දඹර අමිල හිමි පවසයි.

ආරක්ෂක ලේකම්, බුද්ධි අංශ ප්‍රධානී සහ පොලිස්පතිවරයා පාස්කු කාරක සභාව හමුවේ ලබා දුන් සාක්ෂි ඒ සඳහා ප්‍රමාණවත් බව අමිල හිමි පවසයි.

තවද, “ප්‍රහාරය මුල් දින කීපය තුළ උත්කර්ෂවත් ලෙස මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රචාරනය ලබාදුන් මාධ්‍යද අද නිහඬ වෙලා. තම බැතිමතුන් දේවස්ථාන තුළ ඝාතනය වීමට ජනාධිපතිවරයා ඉඩ සලසා දුන් බව හෙළි වී ඇතත්, කාදිනල්තුමා අද නිහඬයි. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ ඇතුළු මේ සියලු දෙනාගෙන් අහන්නේ දැන් මොකද කියන්නේ?…. කියල.” යැයි ද එහිමියන් සඳහන් කළේය.

රාජ්‍ය නොවන සංවිධාන ලොක්කන් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීන්දුව ලබා දී දඬුවම් ප්‍රකාශ කළ ද අදත් එම කාරක සභාව රැස්වී පිරිසකගෙන් සාක්ෂි ලබා ගැනීමට නියමිතය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස