පාස්කු ප්‍රහාරයට දේශපාලකයන් සම්බන්ධ නම් ඔවුන්ටත් මරණ දඬුවම ලබා දිය යුතුයි! – මරික්කාර්

May 6, 2019 at 8:03 am | by admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙනවා නම් ඊට වඩා ඉහළින් ඇති ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල කරන ත්‍රස්තවාදීන්ට ද මරණ දඬුවම ලබා දිය යුතු බවත් ඊට එරෙහි වන අයගේ ස්වභාවය රටට බලාගත හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

කොලෝනානේ පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මම ශ්‍රී ලාංකිකයෙක්, ශ්‍රී ලාංකික මන්ත්‍රීවරයෙක් ලෙස මේ ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතාම නින්දිතයි, නිර්ලජ්ජිතයි කියනවා. මෙම සිදුවිමට ආධාර උපකාර දුන් සියලු දෙනාම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඔවුන් ඇතැම් විට දේශපාඥයින් වෙන්න පුළුවන් වෙනත් අයත් වෙන්නත් පුළුවන් ඒ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා.

ඒ වගේම දේශීය හෝ විදේශීය වශයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධවෙලා කටයුතු කරපු පිරිසට අධිකරණය මගින් වරද තහවුරු වූ පසු ලංකවේ නීතියෙන් දඬුවම් දෙන්න ගැටලුවක් තිබෙනවා නම් වහාම මේ නීතිය සංශෝධනය කරන්න පාර්ලිමේන්තුව කටයුතු කළ යුතුයි.

ඒ ඔක්කොටම මරණ දඬුවම ලබාදිය හැකි ආකාරයේ නීති ගෙන ආ යුතුයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙන්න ඕනේ කියනවානම් රාජ්‍ය ආරක්ෂාව ඊට වඩා ඉහළින් තියෙන නිසා එයට තර්ජනයක් වන ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම දෙන්න පනතක් ගෙන ආවා කියලා කිසිඳු ගැටලුවක් නෑ. නමුත් කවුරුහරි මේ දේට විරුද්ධ වෙනවානම් ඒ අයගේ ස්වාභාවය අපිට ඒ වෙද්දී බලාගන්න පුළුවන්.

ඒ වගේම දැන් ඉතාම හොඳින් ත්‍රිවිධ හමුදාවයි, පොලිසියය මේ ත්‍රස්ත ක්‍රියාවල අග මුල සොයාගෙන අල්ලගෙන යනවා. අපි දැන් කළ යුත්තේ ත්‍රිවිධ හමුදාවටයි පොලිසියටයි ඒ රාජකාරිය කරන්න අවශ්‍ය උත්තේජනය හා නිදහස ලබාදීමයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස