පාස්කු ත්‍රස්ත සැකකරුවන් සහ ඇමරිකා FBI නිලධාරීන් අතර රහස් හමුවක්! රාජ්‍ය අනුග්‍රහයෙන් රට FBI තිප්පොළක් වෙයි!

August 1, 2019 at 8:53 am | by emanisa.lk

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටින පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන මුස්ලිම් ජාතිකයන් හමුවීමට ඇමරිකානු එෆ්. බී. අයි ඔත්තු සේවාවේ නිලධාරීන් දෙදෙනකු පැමිණි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ (31) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

“වැලිසර නාවුක හමුදා කඳවුරේ දැනට රඳවා සිටින ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික සැකකරුවන් හමුවෙන්න 2019.07.21 වැනිදා පෙරවරු 9.30 ට ඇමරිකානු එෆ්. බී. අයි. නිලධාරීන් දෙදෙනකු එම කඳවුර ඇතුළට ගොස් තිබෙනවා. කඳවුරේ නිලධාරීන් ඒ සඳහා විරුද්ධ වෙද්දී ඉහළින් නියෝග ඇවිත් තියෙනවා අවසර දෙන්න කියලා.

එම පිරිස කඳවුරේ ත‍්‍රස්ත විමර්ශන අංශයට ගිහින් මෙම සැකකරුවන් මුණගැසී තිබෙනවා. මේ එෆ්. බී. අයි නිලධාරීන් දෙදෙනා සමග ඇමරිකානු තානාපති කාර්යාලයේ පරිවර්තකයකු වන සංජය පලිපාන සහ තවත් නිලධාරියෙක් ගොස් තිබෙනවා. ත්‍රස්ත විමර්ශන නිලධාරීන් නොමැතිව මොවුන් සැකකරුවන් සමග පැය දෙකකට වඩා කථා බහ කර තිබෙනවා.

මේ රටේ ප‍්‍රහාරයකට සම්බන්ධ බවට සැක කෙරෙන අයටයි, එෆ්. බී. අයි. එකටයි මේ නිලධාරීන්ටයි මොනවාද කතා කරන්න තියෙන්නේ? මේ ප‍්‍රහාරය නිසා අද මේ රට එෆ්. බී. අයි. ඔත්තු සේවාවේ තිප්පොලක් බවට පත්කරගෙන තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස