පාසල් පෙළපොත්වලට තවත් දේශපාලකයන්ගේ පණිවිඩ බෑ!

March 6, 2020 at 6:15 am | by emanisa.lk

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැළසුම් පිළිබද සාකච්ඡාවක් අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී දේශපාලන පණිවිඩ සහ ඡායාරූප පාසල් පෙළ පොත්වලින් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති තීරණය ජනාධිපතිතුමාගේ පැසසුමට ලක්විය. ‍

දේශපාලන වෙනස්වීම් සමග මේ ඡායාරූප සහ පණිවිඩ වෙනස් කොට පොළපොත් අලුතින් මුද්‍රණය කිරීමට අමාත්‍යාංශය විශාල පිරිවැයක් දරා ඇති බවත් දැන් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව පවතින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

”අධ්‍යාපන ප්‍රතිපත්තියක්” සැකසීමේදී ගනු ලබන ක්‍රියාමාර්ග ගැන කැබිනට් මණ්ඩලගය පාර්ලිමේන්තුව සහ මහජනතාව පූර්ණ වශයෙන් දැනුම්වත් කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීනයන්ගේ උපදෙස් සහ අන්තර්ජාතික ක්‍රම සැලකිල්ලට ගෙන එය සකස් විය යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස