පාර්ලිමේන්තු සහ පළාත් සභා ඡන්ද එක දිනයක තබන්න! රුපියල් කෝටි 200ක් රටට ඉතිරි කරගන්න පුළුවන්! – පැෆරල්

July 31, 2019 at 9:46 am | by emanisa.lk

පාර්ලිමේන්තු මැතිවරණය හා පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීම තුළින් රුපියල් කෝටි දෙසීයක මහජන මුදල් ඉතිරිකර ගත හැකි නිසා මැතිවරණ දෙකම එකම දිනයක පැවැත්විය යුතු බව පැෆරල් සංවිධානය පවසයි.

මැතිවරණ දෙකම එකම දිනයක පවත්වන ලෙසට ඊයේ (30දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මේ වසරේ දෙසැම්බර් 09 වැනිදාට පෙර ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගත යුතු බවත්, මේ නිසා කල්ගත වෙමින් තිබෙන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස