පාඨලීගේ ගෙදරදී පොලිසියට තග දැම්මේ එජාප මන්ත්‍රීවරියක්! ලේක්හවුසියට පැන මාධ්‍යවේදීන්ට පහර දුන්නෙත් ඇයමයි!

December 21, 2019 at 10:44 am | by emanisa.lk

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ පොලිස් රාජකාරියට බාධා කරමින් බැණ වැදුණු කාන්තාව බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.

ඈ කෝට්ටේ නගර සභාව නියෝජනය කරන එජාප මන්ත්‍රීවරියකි. ඡන්දයෙන් පරාජයට පත්වුවද අනිවාර්ය කාන්තා නියෝජනයට පිංසිදු වන්නට ඇයට මන්ත්‍රී වරම් හිමිව තිබේ.

2018 වසරේ මහින්ද රාජපක්ෂට අගමැති ධුරය දැරීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අවස්ථාවේ ලේක්හවුස් ආයතනයට කඩා වැදීමට උත්සාහ කර එහි සේවකයන් සමග ගැටුමක් ඇති කරගත්තේ ද මෙම කාන්තාවය.

ඈ පාඨලී චම්පකගේ නිවසේ නිතර ගැවසෙන ඔහුගේ සමීපතමයකු බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස