පසුගිය වසර තුනේ යහපාලන අයවැය බොරු පොරොන්දු මෙන්න! සමහර බොරු 2019 ආයේ කියලා! – ආචාර්ය නාලක ගොඩහේවා මංගලගේ අයවැය නිරුවත් කරයි!

March 6, 2019 at 3:10 pm | by admin

යහපාලන ආණ්ඩුව පසුගිය වසර තුනේ ඉදිරිපත් කළ අයවැය යෝජනා හුදු වචනවලට සීමා වූ බොරු පමණක් බවත් මේ බොරු නැවත නැවත කියමින් ජනතාව මුලා කිරීම හැර කිසිවක් මෙවර ද අයවැයෙහි නොමැති බවත් ආචාර්ය නාලක ගොඩහේවා පවසයි. වර්තමාන අවවැය යෝජනාවලිය පිළිබඳ අදහස් දැක්වීමට අද (06) වියත්මග සංවිධානය කළ මාධ්‍ය හමුවක දී ඔහු මේ අදහස් දැක්වීය.

සුපුරුදු පරිදි මෙවර අයවැයේදීද පොරොන්දු රාශියක් දී ඇත. නමුත් 2015 මාර්තු මස ඉදිරිපත් කළ අතුරු අයවැයේ සිට මෙතෙක් ඉදිරිපත් කළ සැම අයවැයකින්ම යහපාලන රජය කළේ මහා පරිමාන බොරු කීම පමණි. දෙන පොරොන්දු ඊළඟ අය වැය වන විට මතක නැත.

අපි මෙසේ කඩවූ පොරොන්දු කිහිපයක් මතක් කොට බලමු.

2016 අයවැය
2016 අයවැය යෝජනා 328 – මහපොල විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් මාලඹේ ඉදිකිරීම

2016 අයවැය යෝජනා 218 -2016 අප්‍රේල් 1 දා සිට ආනයන අපනයන බැංකුවක් ආරම්භ කිරීම

2016 අයවැය යෝජනා 254 – ආසන 7000 කින් සමන්විත අති නවීන පහසුකම් සහිත සම්මන්ත්‍රණ ශාලාවක් කොළඹ ඉදිකිරීම

2016 අයවැය යෝජනා 470 – කැලණිවලි දුම් රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

2017 අයවැය
2017 අයවැය යෝජනා 70 – එක ගමකට එක වැවක් වැඩසටහන යටතේ මිරිදිය ධිවර ගම්මාන 100 ක් ඇතිකිරීම.

2017 අයවැය යෝජනා 104 : විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන සිසුන් ප්‍රමාණය වසර 3 ක් තුළ දෙගුණ කිරීම

2017 අයවැය යෝජනා 101 – උසස් පෙල හොඳ ප්‍රතිපල ලබා ගන්නා සීසුන්ට හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් හා කේබ්‍රිජ් විශ්ව විද්‍යාලවලට ශිෂ්‍යත්ව ලබා දීම ( මෙය 2019 අයවයේදී යලි අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත. 2019 අයවැය යෝජනා 102 )

2017 අයවැය යෝජනා 117 – උසස් පෙල විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි වූ සිසුන් 15,000 ට වෙනත් රාජ්‍ය නොවන උපාධි පාඨමාලා හදෑරීම සඳහා එක සිසුවෙකුට ලක්ෂ 8 බැගින් ණය මුදලක් ලබා දීම ( මෙය 2019 අයවැයේදී යළි අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත. 2019 අයවැය යෝජනා 107 )

2017 අයවැය යෝජනා 125 : රජයේ වෘතීය පුහුණ ආයතනවල ඉගන ගන්නා සෑම සිසුවකුටම ශිෂ්‍යත්වයක්

2017 අයවැය යෝජනා 159 : පුද්ගලික අංශයට පැය 45 ක හා රාජ්‍ය අංශයට පැය 40 ක නම්‍යශීලී වැඩ මුර ක්‍රමයක් හඳුන්වාදීම. ( මෙය 2019 අයවැයේදී කාන්තාවන් සම්බන්ධයෙන් වූ අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත. 2019 අයවැය යෝජනා 50 )

2017 අයවැය යෝජනා 176 – ඇමෙරිකානු ඩොලර් 500 ඉක්මවන ආයෝජන ගෙන එන අය සඳහා පස් වසරක බහු පිවිසුම් විසා නිකුත් කිරීම ( මොනම ආයෝජකයෙක්වන් නොපැමිණි නිසා යළිත් 2019 අයවැයෙන් ඇමෙරිකානු ඩොලර් 4 ක නිවසක් මිලදී ගන්නෙකුට වසර 3 ක නෙවාසික විසා දෙන තරමට රජය බාල්දු වී ඇත. 2019 අයවැය යෝජනා 95 )

2017 අයවැය යෝජනා 193 – කලුතර, රත්නපුර, වව්නියා හා පුත්තලම දිස්ත්‍රික්කවල නිදහස් වෙළඳ කලාප 4 ක් පිහිටවීම.

2017 අයවැය යෝජනා 203 – Hyatt, Grand Oriental Hotel, Waters Edge West Coast, Hilton, Manthai Salt iy Hambanthota Salt 2017 වසර තුළ ලැයිස්තුගත කිරීම.

2017 අයවැය යෝජනා 235 – ආසන 5000 ක පහසුකම් ඇති අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවක් කොළඹ නගරය තුළ ඉදිකිරීම (මේ යෝජනාව 2016 අයවැයේද තිබිණි. එකම වෙනස ආසන ගණන 7000 වීමයි.- 2016 අයවැය යෝජනා 254 )

2017 අයවැය යෝජනා 246 – මධ්‍යම අධිවේගී මාර්ගය හා රුවන්පුර අධිවේගී මාර්ගය 2019 වන විට නිම් කොට අවසන් කිරීම. කටුනායක අධිවේගී මාර්ගය පුත්තලම දක්වා දීර්ඝ කිරීම. දක්ෂිණ අධිවේගී මාර්ගය 2018 ජූලි වන විට හම්බන්තොට දක්වා නිම කිරීම.

2017 අයවැය යෝජනා 246 – කොළඹ මාර්ග තදබදය අඩු කරන සැහැල්ලු දුම්‍ රිය මාර්ගය ඉදි කිරීම 2017 ආරම්බ කිරීම.

2017 අයවැය යෝජනා 250- කොළඹ හා යාබද නගරවල බස් රථ සඳහාම වූ වෙනම මංතීරු වෙන්කෙරේ.

2017 අයවැය යෝජනා 253 – කැලණ්වැලි දුම්‍ රිය මාර්ගය රත්නපුර දක්වා දික් කෙරේ.

2017 අයවැය යෝජනා 255. ත්‍රී රෝද වාහන වෙනුවට රෝද හතරේ විද්යුත් කාර් හඳුනවා දීම සඳහා ණය ක්‍රමයක් හඳුනවාදීම ( මේ යෝජනාවද ඒ ආකාරයෙන්ම 2019 අයවැය යෝජනාවල අඩංගු වේ – 2019 අයවැය යෝජනා 145)

2017 අයවැය යෝජනා 257- ත්‍රී රෝද රථ හා පාසැල් වෑන් රථ නියාමනයට ක්‍රමවේදයක් හඳුනවා දීම.

2017 අයවැය යෝජනා 258- පෞද්ගලික බස් හා රජයේ බස් එකම කාල සටහනක් යටතේ ධාවනය කිරීම (මීට බෙහෙවින් සමාන යෝජනාවක් 2019 අයවැයේද ඇත – 2019 අයවැය යෝජනා 142)

2017 අයවැය යෝජනා 279- අඩු පොලියට නිවාස ණය ලබා දීම සඳහා දැනට පවතින ආයතන කිහිපයක් එක් කොට අලුතින් නිවාස බැංකුවක් ස්ථාපිත කිරීම.

2017 අයවැය යෝජනා 300 – අඩු හා මධ්‍යම නිවාස ලාභීන්ට නිවාස ලක්ෂ 5 ක් ඉදිකිරීම.

2017 අයවැය යෝජනා 302 – වතුකරයේ නිවාස 25,000 ක් ඉදිකිරීම.

2017 අයවැය යෝජනා 302 – උතුරු නැගෙනහිර නිවාස 50,000 ක් ඉදිකිරීම. මේ යෝජනාව ඒ ආකාරයෙන්ම 2018 අයවැය යෝජනා වලද අඩංගු වේ – 2018 අයවැය යෝජනා 263)

2018 අයවැය 

2017 අයවැය 252 : මාර්ග හා දුම් රිය ප්‍රවාහණ සෙවා ඉහළ දැමීමට පෙර ගෙවුම් කාඩ් පතක් හඳුන්වා දීම. මේ යෝජනාවද ඒ ආකාරයෙන්ම 2019 අයවැය යෝජනාවල අඩංගු වේ – 2019 අයවැය යෝජනා 141)

2018 අයවැය යෝජනා 184 : සියමලු විශ්ව විද්‍යාල සිසුන් සඳහා සෞඛ්‍යය රක්ෂණ ක්‍රමයක්

2018 අයවැය යෝජනා 248 – කලාකරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක්

2018 අයවැය යෝජනා 186-189 -: ග්‍රාමීය ක්‍රීඩාංගන 100 ක් සංවර්ධනය. ජාතික තලයේ ක්‍රීඩා ඇකඩමියක් හා ක්‍රීඩා පාසැලක් ඇරඹීම. සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය.

2018 අයවැය යෝජනා 203 : හදවත් රෝග නිවාරණ සංකීර්ණයක් ර්ජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීම.

2018 අයවැය යෝජනා 216 – අඩු ආදායම් ලාභීන් සඳහා අංගොඩ, කොලොන්නාව, මාලිගාවත්ත සහ දෙමටගොඩ අලුතින් නිවාස 20,000 ඉදිකිරීම.

2018 අයවැය යෝජනා 263 – උතුරු නැගෙනහිර අලුතින් නිවාස 50,000 ඉදිකිරීම ( 2017 අයවැය යෝජනා 302 ද මෙයමය )

……………………………………………………………………………………………………………….

යහපාලන රජයේ අයවැය වචන සංදර්ශනයක් පමණක් බවට තවත් උදා හරණ කුමටද ?

බොරු කියනවාට අමතරව අමතක වී එකම බොරුව නැවත කීම ද යහපාලන අයවැයටම සුවිශේෂී වූ ලක්ෂණයක් බව ඉහත උදාහරණවලින් පෙනේ. සමහර විට අමාත්‍යාංශ නිලධාරීන් අලුත් ඇමතිවරයාට සත්‍ය තොරතුරු නොදීම නිසා ඔහු ආඩම්බරයෙන් ඉදිරිපත් කරන සමහර යෝජනා ඉන් වසර කිහිපයකට පෙර කලින් ඇමතිවරයාටද දුන් යෝජනා බව ඔහු නොදන්නවා විය යුතුය.

 

චමින්ද කරුණාරත්න

GR Media Team

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *