පසුගිය දින 10 පුරා ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලින් විතරයි!

May 10, 2020 at 10:07 am | by emanisa.lk

අප්‍රේල් මස 30 වෙනිදා සිට කොරෝනා ආසාදිතයන් හමු වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් බව වාර්තා වෙයි.

මේ අනුව පසුගිය දින 10 තුළ සමාජයෙන් කිසිදු කොරෝනා රෝගියකු හමු වී නොමැත.

කෙසේ වුවද සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ තවමත් කොරෝනා සමාජය ඔස්සේ පැතිර යාමේ අවදානමක් පවතින බවය.

එම අවදානම රට නැවත ක්‍රමයෙන් විවෘත කරන විට ඉහළ යන බවත් ජනතාව සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති උපදෙස් අකුරටම පිළිපදින්නේ නම් එම අවදානම අවම කරගත හැකි බවත් ඔවුහු අවධාරණය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව