නීති විරෝධී මුස්ලිම් පල්ලිය වසා දමයි!

May 15, 2019 at 1:57 pm | by admin

අගලවත්ත නගරයේ නීති විරෝධී මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් එම ස්ථානයෙන් ඉවත්කිරීමට අගලවත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රියන්ත විජේසිංහ මහතා (ස්වාධීන) ප්‍රාදේශීය සභාවට ගෙන ආ යෝජනාවක් සියලු මන්ත්‍රීවරු ඒකමතිකව සම්මත කළහ.

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ ඊයේ (14) පැවති මාසික සභා රැස්වීමේදී විපක්ෂ නායක ප්‍රියන්ත විජේසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

අගලවත්ත නගරයේ පරණ පාරේ ස්ථානයක මෙම මුස්ලිම් ආගමික මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත්, ඒ සඳහා කිසිදු නීත්‍යනුකූල අවසරයක් ගෙන නොමැති බවත්, එම ස්ථානය පිළිබඳව කිසිවෙකු වගකීම නොදරන බවත්, එම නිසා මෙය ප්‍රදේශයේ සාමය පවත්වාගෙන යාමට බාධාවක් බැවින් සභාවේ බලතල අනුව එම ආගමික මධ්‍යස්ථානය වසා දැමීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස