නියැදි පරීක්ෂණයෙන් වෛද්‍ය ෂාෆි වැරදිකරු වී අවසන්!

June 24, 2019 at 11:26 am | by emanisa.lk

නියැදි පරීක්‍ෂණයෙන් වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් වැරදිකරු වී අවසන් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළහ.

අතුරලියේ රතන හිමියෝ මෙසේද කීහ.

සහරාන්ගේ බෝම්බය නිසා තමයි ඉස්ලාම් අන්තවාදයේ බරපතළකම අප දැනගත්තේ. ඒ අතින් සහරාන්ගේ බෝම්බය ආශිර්වාදයක්.

වෛද්‍ය සාෆි ෂෙහාබ්ඩීන් සිද්ධිය නිසා මුස්ලිම් සමාජයට අභියෝගයක්. මේ චෝදනාව ඔප්පු වුණොත් මුස්ලිම් සමාජයට ප‍්‍රශ්නයක්. අද සාෆි වෛද්‍යවරයාගේ චෝදනා ඔප්පුවෙමින් තිබෙනවා.

වෛද්‍ය ෂාෆි වසරක් තුළ කළ සැත්කම් සීයක නියැදි පරීක්‍ෂණයක් කළා. ඉන් තිහක් මුස්ලිම් මවුවරුන්. ඔවුන් සියලු දෙනාට නැවත දරුවෝ ලැබිලා.

එජාප ඇමැතිවරුන් දෙන්නෙක් තුන්දෙනෙක් මේ පරීක්‍ෂණවලට බලපෑම් කරනවා. කොහොමද අටදාහක් සිසේරියන් කළේ. කොහොමද දාහක් ආවේ කියලා.

රවුෆ් හකීම් මහතා මේ පරීක්ෂණවලට සහාය වන්න. සාෆි ෂෙහාබ්ඩීන් වැනි සියයට හයක් මෙය කරගෙන යනවා. සාෆි ෂෙහාබ්ඩීන් අපරාධයක් කර ඇති බව පැහැදිලියි. සමාජ විද්‍යාත්මක නියැදි නිරීක්‍ෂණයෙන් සාෆි වැරදිකරු වී අවසන්. මේක සිංහලයා සංහාරය කිරීමක්.
මේ පිස්සුව සවුදි අරාබියේ යම් කණ්ඩායමකට තියෙනවා. පැලෝපීය නාළයට වර්ණ දියර දාල පරීක්‍ෂා කරන්න බෑ. මේ සඳහා විද්‍යාත්මක පරීක්‍ෂණයක් අවශ්‍යයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස