දකුණු පළාත් අධිකාරීවල සභාපතිවරු ඉවතට! දේශපාලන පත්වීම් බෑ! සුදුසුකම් අනුව සභාපති ධුර පුරවන්න සූදානම්!

November 28, 2019 at 1:44 pm | by emanisa.lk

දකුණු පළාත් සභාව යටතේ පවතින අධිකාරි පහේ සභාපතිවරුන්ට අද (28) සිට සභාපතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙස වාචිකව දැනුම් දුන් බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ. යු වේලාරත්න පවසයි.

දකුණු පළාත් නව ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේගේ උපදෙස්මත දකුණු පළාත් සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන අධිකාරිය, දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, රුහුණු සංචාරක කාර්යංශය යන ආයතනවල සභාපතිවරුන්ට මෙලෙස ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.

ඉදිරියේ දි මෙම ආයතන සදහා සභාපතිවරුන් සම්මුඛ පරික්ෂණයක් පවත්වා සුදුසු අය තොරාපත්කරගන්නා බව පවසන ආණ්ඩුකාර ලේකම්වරයා මෙම ආයතනවල සභාපතිධුරයන් දරනු ලැබු සභාපතිවරුන්ට ද තම ජිව දත්ත පත්‍රිකාවක් ඉදිරිපත්කොට ඒ සඳහා අයදුම් කළහැකි බවද ආණ්ඩුකාර ලේකම්වරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස