තිලංගත් වැට පනී! ශ්‍රීලනිප දැවැන්තයෝ පක්ෂයටත් පෙර තීන්දුව හරි අතට ගනී!

September 30, 2019 at 10:46 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති ශ්‍රීලනිප කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සිය ෆේස්බුක් ගිණුමේ 2020 Gota යන සිරස්තලය යටතේ ගෝඨාභය රාජපක්ෂගේ පින්තූරයක් පළ කර තිබේ.

මෙම පින්තූරය ගෝඨාභය රාජපක්ෂ ඊයේ (29) ලංකා සමසමාජ පක්ෂ සම්මේලනයේ දී ගන්නා ලද පින්තූරයකි. ඔහු මෙයට පෙර පවසා තිබුණේ ගෝඨාට අවාසි වන කිසිදු තීන්දුවක් ශ්‍රීලනිපය නොගන්නා බවය.

ඉදිරි ජනාධිපතිවරණයේ සිය පක්ෂ ස්ථාවරය පිළිබඳ තීන්දුවක් ගැනීමට මේ වන විට ශ්‍රීලනිප ප්‍රබලයෝ ජනාධිපති මැදුරට එකතු වී සිටිති.

මේ වන විටත් ශ්‍රීලනිපයේ ඉතිරි වී සිටින මන්ත්‍රීවරුන් විසි දෙනාගෙන් 17 දෙනෙකු සජිත් මෛත්‍රී සන්ධානයක් සඳහා එරෙහි වී ඇති බව මෙයට පෙර වාර්තා විය.

මේ අතර නිමල් සිරිපාල ද සිල්වා, තිලංග සුමතිපාල වැනි ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් පොදු සතුරා වන එජාපය පරාජය කිරීම සඳහා සිය පක්ෂය පොහොට්ටුව සමග සන්ධානගත විය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටින බව වාර්තා වෙයි.

ශ්‍රීලනිප පොදුජන පෙරමුණු සාකච්ඡා පවතින පසුබිමක ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පොහොට්ටුවට එකතු කර ගැනීම මහින්ද රාජපක්ෂ නතර කර ඇති පසුබිමක සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රීලනිපයේ ප්‍රබලයන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ සමග එකතු වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස