තමුසේ මහ අවස්ථාවාදියෙක්! – රනිල් පිලේ රාජිතගෙන් හකීම්ට දැඩි චෝදනා……

September 21, 2019 at 2:59 pm | by emanisa.lk

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පෙරේදා (19) පැවති පූර්ව කැබිනට් රැස්වීමේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඇමති රවුෆ් හකීම්ට ඉතාම දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් අතර පැවති මෙම රැස්වීමේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට එරෙහිව රවුෆ් හකීම් වේගවත් අදහස් දැක්වීමක් සිදුකර තිබිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් රාජිත සේනාරත්න මෙසේ බැණ වැදී තිබේ.

“තමුසෙලාට මුල මතක නෑ. තමුසෙලා අද ඔය තනතුරුවල ඉන්නේ 2015දී විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා පොරොන්දුවෙලා ආණ්ඩුවක් හදාගත්තු නිසා. 2015 ජනාධිපතිවරණෙදි ඒක තමයි ප්‍රධාන පොරොන්දුව වුණේ. තමුසෙටත් ඒකට සදාචාරාත්මක වගකීමක් තියෙනවා. අද මොකුත් දන්නෙ නෑ වගේ මෙතන ඒකට විරුද්ධ වෙන්නේ. තමුසෙ මහ අවස්ථාවාදියෙක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස