ඩ්‍රෝන යානා ප්‍රහාර බියක්! නියමුවන් නැති යානා ගුවන්ගත කිරීම තහනම්!

April 25, 2019 at 9:35 am | by admin

ඩ්‍රෝන යානා ඇතුළු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම සඳහා ලබා දුන් බලපත්‍ර අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුව්න සේවා අධිකාරිය නිවේදනය කරයි.

දැනට රට තුළ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, නැවත දැනුම්දෙන තුරු මෙම අත්හිටුවීම ක්‍රියාත්මක බවත් එම අධිකාරිය වැඩිදුරටත් නිවේදනය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස