ජනාධිපතිවරණයට මුස්ලිම් අපේක්ෂකයෙක්! දේශපාලන කප්පම් ගැනීමේ තවත් සැලසුමක්!

July 12, 2019 at 6:07 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුස්ලිම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට මුස්ලිම් කොංග්‍රසයේ මූලිකත්වයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ. ඇමති රිෂාඩ්ට ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වන අවස්ථාවේ සියලු දෙනා ඉල්ලා අස්වූයේ එහි ආරම්භය ලෙස බව ද මුස්ලිම් කොංග්‍රස් නායකයා සති අන්ත පුවත්පතකට පවසා තිබිණි.

එජාප ඇමතිවරුන් දෙදෙනා මෙම සාකච්ඡාවට සහභාගී විය නොහැකි වූ නිසා නැවත සිය ඇමති ධුරවල දිවුරුම් දුන් බව ද ඔහු පවසා තිබේ. මුස්ලිම් අපේක්ෂකයකුට ජයග්‍රහණය කළ නොහැකි වුවත් ජයග්‍රහණය කරන අපේක්ෂකයාට මුස්ලිම් ජනතාවක් සිටින බව පෙන්වා දිම මෙහි අරමුණ බව සඳහන් වෙයි.

ඒ අනුව ජනාධිපතිවරණය ආසන්නයේ සිය අපේක්ෂකයා ඉල්ලා අස්වීම ජයග්‍රහණය කරන අපේක්ෂකයාට සහාය දැක්වීමට හෝ සිය දෙවෙනි මනාපය ජයගන්නා අපේක්ෂකයාට ලබා දීම ඔවුන්ගේ සැලසුම වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස