ජනාධිපතිතුමා තොප්පිය දාගත්තාට මම මොනවා කරන්නද? – අගරදගුරුතුමා

August 1, 2019 at 9:19 am | by emanisa.lk

කොන්ද පණ නැති දේශපාලනඥයින් පිළිබඳ කතාව තමන් සිදු කළේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ විශෙෂයෙන් ඉලක්ක කරගෙන නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම කතාව ඔහුට අදාළ කරගත්තේ නම් තමන්ට ඒ පිළිබඳව කරන්නට දෙයක් නොමැති බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

“මම ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි කියලා එහෙම කිව්වෙ නෑ මගෙ දේශනයෙදි. මම පිට කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්නයි කිව්වේ තීරණ ගන්න ඕනෙ වෙලාවට හරි තීරණය ගන්න කෙළින් ඉන්න කියන එක. ඉතිං එතුමා ඒක පිළිගත්තා නම් මම මොනවා කරන්නද ?”

මැල්කම් කාදිනල් රංජිත් හිමි මේ බව පැවසුවේ ඊයේ (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස