ජගත් පුෂ්පකුමාර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට?

August 7, 2019 at 2:44 pm | by emanisa.lk

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජගත් පුෂ්පකුමාර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ සැලසුමක් ඇතැයි අනාවරණය වෙයි. ඒ ශාන්ත බණ්ඩාර ඉල්ලා අස්වීම සමග හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙනි.

1994-2000 දක්වා ද 2001-2015 දක්වා ද පාර්ලිමේන්තුව නියෝජනය කළ ජගත් පුෂ්පකුමාර ඒ කාලය තුළ නියෝජ්‍ය අමාත්‍ය ධුර ගණනාවක් දැරීය. කෙසේ වුවද 2015 අගෝස්තු පැවති මහා මැනිවරණයෙන් පරාජයට පත්විය.

අනතුරුව ඌව පළාතේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට ජනාධිපතිවරයා විසින් ජගත් පුෂ්පකුමාර පත් කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස