ඡන්දෙන් පැරදුණත් බොරු කීම නොනවතී! සජිත් නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස් වී නෑ!

November 24, 2019 at 7:22 am | by emanisa.lk

තමන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉවත්වන බව සජිත් ප්‍රේමදාස මාධ්‍යට සඳහන් කළද මේ වන තුරු ඔහු එම ධූරයෙන් ඉල්ලා අස් වී නොමැති බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඔහු සඳහන් කරන්නේ ඊට අදාළ කිසිදු ලිපියක් මේ වන තුරුත් තමන්ට නොලැබුන බවය.

ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස සඳහන් කළෙ තමන් දැනට දරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස් වී දේශපාලනයෙන් ද මදක් ඈත් වන බවය.

කෙසේ වුවද මේ විට සජිත් පාර්ශවය මහින්ද සුළඟ පන්නයේ ජනහමු පෙළක් සංවිධානය කරමින් ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස