චම්පිකගේ විස්මිත සංකල්පයක් අනුව ඉදිකළ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන විවෘත කිරීමට එජාපය නෑ!

April 1, 2019 at 12:14 pm | by admin

මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩපිළිවෙළ යටතේ නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශය මගින් 2014 ජයිකා ආධාර ඇතිව ඉදිකිරිම් ආරම්භ කළ කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඊයේ දිනයේදී ජනතා අයිතියට පත් කෙරිණි.

රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත්වීමත් සමග මෙම ව්‍යාපෘතිය මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතට පැවරුණු අතර 2015 වසරේ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතිය ජනතාව අතට පත්වීමට මාස 50ක් පමණ ගත විය.

මෙම ව්‍යාපෘතිය අමාත්‍ය පාඨලි චම්පික රණවකගේ සංකල්පයක් මත ආරම්භ කළ බව ජනතාවට ඒත්තු ගැන්වීමට විශාල වියදමක් දරා ප්‍රචාරණ කටයුතු සිදු කළ අතර එය විවෘත කිරීමට ද දැවැන්ත උත්සවයක් සංවිධානය කර තිබිණි. මේ අවස්ථාවට එජාප නායකයන් ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ඇරයුම් කළ ද ඒ කිසිවකු සහභාගී වූයේ නැත.

මේ අවස්ථාවට ජනාධිපතිවරයා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වු අතර අගමැති රනිල් වික්‍රමසිංහ හෝ කිසිදු ප්‍රබල නායකයකු සහභාගී වූයේ නැත. ප්‍රවාහන ඇමති අර්ජුන රණතුංග ද මද වේලාවකින් නික්ම ගිය අතර රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පමණක් එහි රැඳී සිටියේය.

පසුගියදා අමාත්‍ය පාඨලිගේ අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජය කිරීමට ද එජාප පසුපෙළ සහය ලබා දුන් අතර මුජිබර් රහුමන් පසුව ප්‍රකාශ කළේ එජාප පසුපෙළේ ශක්තිය පෙන්වීමට බවය.

මේ අතර එජාප පසුපෙළ ආණ්ඩුව පිළිබඳ ජනතාව අතර පැවති මහා ප්‍රසාදය විනාශ කළ බවට ඇමති පාඨලි මීට පෙර චෝදනා කර තිබිණි. කෙසේ වුවද මෙම සියලු ප්‍රහාර ඇමති පාඨලී වෙත එල්ල වන්නේ කතානායක කරූ ජයසූරිය ජනාධිපති අපේක්ෂකත්වය ලබා දිය යුතු බව ප්‍රකාශ කිරීමෙන් පසුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස