ගෝඨා දිනවන්න විදෙස් රටවල සේවය කරන ලාංකිකයන් ලක්ෂ ගණනින් ලංකාවට!

September 24, 2019 at 7:36 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්‍ෂට සහය ලබාදීම සඳහා විවිධ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් නිවාඩු ලබාගෙන මෙහි පැමිණීමට නියමිතව තිබෙන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පවසයි.

ජපානය, ඉතාලිය, කොරියාව, සිංගප්පූරුව ඇතුළු රටවල සේවය කරන මෙම ශ්‍රී ලාංකිකයන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ජනප්‍රිය වී තිබෙන බව කී මහින්ද රාජපක්‍ෂ උතුරු නැඟෙනහිර පැවති යුද්ධය අවසන් කිරීමට දායක වූ ගෝඨාභය රාජපක්‍ෂ මෙවර ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබන බව රටේ ජනතාව මෙන්ම පිටරටවල් පවා අද නිතර නිතර කතා බහට ලක් කරන බවද සඳහන් කළේය.

මේ ආකාරයට ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට දායක වීමට ලක්ෂ දෙකකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිය මව්බිමට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස