ගෝඨා ජයග්‍රහණය දෙසට තවත් පියවරක් තබයි! NGO කල්ලියේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි! රටම රතිඤ්ඤා නදින් ගිගුම් දෙයි! අලුත්කඩේ ජයඝෝෂා!

October 4, 2019 at 6:20 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය මිට සුළු මොහොතකට පෙර කටයුතු කළහ.

මෙම පෙත්සම මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කරනු ලැබූහ.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග කරනු ලැබීය. විනිසුරු මඩුල්ල මෙම පෙත්සම ඒකමතිකව ඉවත දැමීම විශේෂත්වයකි.

ඒ සමග අලුත්කඩේ උසාවිය අවට රැස්ව සිටි ජනතාව ප්‍රීතිඝෝෂා කරන්නට වූ අතර රට පුරා ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට ප්‍රකාශ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස