කෝටි දහයකට පුරාවස්තු එකතුවක් අලෙවි කරන්න ගිය හිමි නමක් ඇතුළු කල්ලියක් අත්අඩංගුවට…!

January 1, 2021 at 2:46 pm | by emanisa.lk

රුපියල් කෝටි දහයකට අධික මුදලකට විදේශිකයකුට අලෙවි කිරීම සඳහා මහනුවරට රැගෙනවිත් තිබූ වීඕසී පළඟනාවක් ඇතුළු ඉපැරණි භාණ්ඩ කිහිපයක් සමග හිමිනමක ඇතුළු සැකකටයුතු හත්දෙනෙකු මහනුවර පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත.

පුරාවස්තු ජාවාරමක් සඳහා පැමිණි හිමිනමක් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකු මහනුවර නගරයේ හෝටලයක සති දෙකක පමණ කාලයක් නවාතැන්ගෙන සිටින බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත.

අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කිරීමේදී වීඕසී භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදේශකයකු මෙරටට පැමිණෙන තුරු හෝටලයේ නවාතැන් ගෙන සිටි බවත් ඊට අදාළ රුපියල් ලක්ෂ 10ක් පමණ වන හෝටල් බිල්පත් පවා විදේශිකයා ගෙවා ඇති බවත් හෙළිව තිබේ.

කටුවන, හෝමාගම, පන්නිපිටිය, පිළියන්දල, ලේවැල්ල හා කුණ්ඩසාලේ පදිංචි ගිහි පිරිසක් සහ ගනේගොඩ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් මෙසේ කොටුවී ඇත.

මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කෝට්ටගේ මෙම අත්අඩංගුවට ගැනීම මෙහෙය විය. ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් මුදාහැර ඇත.

ඉපැරණි භාණ්ඩ පොලිසිය භාරයට ගෙන ඇති අතර ඒවා සොරකම් කරන ලද්දේද, එසේත් නොමැති නිධානයකින් ගන්නා ලද්දක්ද, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇත්ද, නීතිවිරෝධී ක්‍රියාවක් සිදුව ඇද්ද යන්න පිළිබඳව මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස