කොරෝනා නිසා ආණ්ඩුව ෆේල් වෙනවා දකින්න මම කැමති නෑ! – රෝසි

November 19, 2020 at 9:39 pm | by emanisa.lk

කොළඹ නගර සභා සීමාවේ පිහිටි උතුරු කොළඹ, මැද කොළඹ සහ බොරැල්ල යන ප්‍රදේශ නිසියාකාරව හුදෙකලා කරන්නේ නම් දෙසැම්බර් පළමු සතියේ දී සියලුම ප්‍රදේශ විවෘත කළ හැකි බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක පවසයි.

අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඇය පෙන්වා දුන්නේ කොළඹ නගරයේ හුදෙකලා කර ඇති ප්‍රදේශ අතර පවතින සමහර ප්‍රදේශ හරහා ජනතාව රැකියාවලට පවා යන බවයි. මේ නිසා නිරෝධායනයට ලක් කර ඇති කණ්ඩායම් පවා රැකියාවලට යාමේ තත්ත්වයක් උදා වී ඇතැයි ඇය පෙන්වා දෙයි.

එහෙයින් දැනට හුදෙකලා කර ඇති කොළඹ නගරයේ ප්‍රදේශ නිසා ලෙස හුදෙකලා කළ යුතු බව පුරපතිනිය පවසයි.

සියලු දෙනා එකතු වී මෙම ව්‍යසනයෙන් ගොඩ ආ යුතු බවත් මෙම ව්‍යවසනය හමුවේ ආණ්ඩුව අසාර්ථක වනු දකින්නට තමා අකමැති බව ද ඇය අවධාරණය කළා ය. මෙවැනි වසංගත දේශපාලන වාසි සඳහා භාවිත කළ යුතු නොවන බවත් මිනිස් ජීවිත සමග සෙල්ලම් නොකළ යුතු බවත් ඇය වැඩි දුරටත් සඳහන් කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස