කොරෝනා උවදුරින් ගැළවෙන්න 60 000ක් මව්බිමට එන්න ඉල්ලයි! දකුණු ආසියානු රටවල පිරිසට මුලින්ම අවස්ථාව!

April 19, 2020 at 11:09 am | by emanisa.lk

විදෙස්ගතව අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළුව මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති හැට දහසක පමණ පිරිසෙන් පළමුව දකුණු ආසියානු කලාපයේ සිටින සිසුන් රැගෙන ඒමට සැලසුම් කරගෙන යන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසයි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමග ඔවුන් සම්බන්ධීකරණය කර මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති අතර, ශ්‍රී ලන්කන් ගුවන් යානා ගමන් නොකරන ගුවන් තොටුපළවල් වෙත පවා ගමන් කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇත.

ඒ ඉන්දියාව ඇතුළු රටවල් සියලු ගුවන් ගමන් නවතා ඇති නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස