කාමරේ ඉඳන් යුද්ධ කළ ගෝඨා මිනි මරුවෙක්! ෆොන්සේකා නම් නියමයි! සිරිසේන මගේ ගෑණිත් පවරගන්න බැරි නෑ! ජනපතිකමට වෙල්ගම හොඳයි! (video)

March 11, 2019 at 5:47 pm | by admin

ආරක්ෂක ලේකම්වරයා ලෙස සුදු වෑන්වලින් රට වැසියන් පැහැරගත් ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වුවහොත් රටම ලේ විලක් වනු ඇතැයි මර්වින් සිල්වා පවසයි.රටේ ජනාධිපති ධුරය හමුදා නිලධාරියකුට ලබා දෙනවා නම් ඒ සඳහා යුද්ධය මෙහෙය වූ ෆොන්සේකා මිස කාමරයක සිටි ගෝඨාභය ඊට සුදුසු නැතැයි හෙතෙම පවසයි.

ජනාධිපති ධුරයට කුමාර වෙල්ගම, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත් සුදුසු බව ද රාජපක්ෂ පවුලට සුද්ධෝදන පවුල විය නොහැකි බවත් මර්වින් සිල්වා පවසයි. බැසිල් කොමිස්කාරයකු බව ද ගෝඨාභය මිනි මරුවෙක් බව ද මෛත්‍රීපාල පිස්සෙක් බව ද ඔහු පවසයි. මෛත්‍රීපාලට වඩා අංගොඩින් කෙනෙකු ජනපති කළා නම් හොඳ යයි සිල්වා කියයි.

මත්ද්‍රව්‍ය හැමදාම ඇල්ලූ බව ද එය ලතීෆ් ඇතුළු පොලිසියේ දක්ෂතාව බව ද එමගින් ජනාධිපතිට පමණක් ලකුණු දමාගත නොහැකි බව ද පවසයි. එජාප ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් පොලිසිය භාරව සිටි සියලු ඇමතිවරු කුඩු ඇල්ලූ බව සිල්වා සිහිපත් කරයි.

කුඩු ඇල්ලීම එල්ලෙන්න වැල් නැති සිරිසේනගේ බොරුවක් බවට සිල්වා චෝදනා කරයි. මේ රට හැදීමට නම් ජනාධපතිවරයා අංගොඩ යැවිය යුතු බව ද එල්ලුම් ගහේ එල්ලෙන්නට වන්නේ සිරිසේනට බව ද ඔහු පවසයි. ඉදිරියේ දී රටේ හැම මිනිහකුගේම ගෑනි පවරා ගන්නා බව ජනාධිපති සිරිසේන කිවහොත් පුදුම නොවන බවත් මර්වින් සිල්වා පවසයි.

රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂ පවුලේ සමීපතමයකු වූ මර්වින් සිල්වා සහ ඔහු වෙනුවෙන් පෙනී බලවතුන් මායිම් නොකර රාත්‍රී සමාජශාලා කුඩු කරමින් ජනතාවට පහර දෙමින් මැර ජීවිතයක් ගත කළ මර්වින් සිල්වාගේ පුතුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ ගෝඨාභය රාජපක්ෂ බව බොහෝ ප්‍රසිද්ධ කරුණකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස