කාත්තන්කුඩියට හිස්බුල්ලා අධ්‍යාපන කලාපයක්! පවුලේ සියලු දෙනා නමින් පාසල් නම් කරලා!

May 25, 2019 at 8:14 am | by admin

කාත්තන්කුඩියේ අලුත් පාසල් පහක් සහ තවත් වෙනත් පාසල් තුනක් ඇතුළු පාසල් අටක් ඉදිකිරීමට යෝජනා වී ඇති බවත් මේ සියල්ලට ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ පවුලේ සාමාජිකයන්ගේ නම් තබා ඇති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.

කාත්තන්කුඩියේ කන්ක්‍යාන්දායි හිස්බුල්ලා විද්‍යාලය, ඩොක්ටර් හිස්බුල්ලා විද්‍යාලය, මොහොමඩ් අලිම් විද්‍යාලය (හිස්බුල්ලාගේ පියා), ෆාතිමා බාලිකා විද්‍යාලය (හිස්බුල්ලාගේ මව), කෝරළේපත්තුව බටහිර හිස්බුල්ලා විද්‍යාලය, ජයන්තියාය හිරාස් හිස්බුල්ලා විද්‍යාලය (හිස්බුල්ලාගේ පුතා) ලෙස නම් කර ඇතැයි මන්ත්‍රීවරයා පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ලබා ගෙන ඇත්තේ විනිමය නීතිවලට සම්පූර්ණයෙන්ම පටහැනිව බව ද හෙතෙම හෙළි කරයි. මෙවැනි කටයුතු වැළැක්වීම සඳහා නීති සම්පාදනය කිරීමට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා සහාය විය යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

කාත්තන්කුඩියේ මුස්ලිම් සිසුන් සඳහා පමණක් අධ්‍යාපන කලාපයක් ඇති කිරීමේ මෙන්ම කාර්මික අධ්‍යාපන ආයතනයක් සඳහා ලද අවසරයට මුවා වී ආසියාවේ විශාලතම ඉස්ලාම් විශ්වවිද්‍යාලය ගොඩනැඟීමේ චෝදනාව ද ඇත්තේ ආණ්ඩුකාර හිස්බුල්ලාටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස