කරුවල ජයසූරිය යුගයට පසු අද ආයෙත් විදුලිය කපනවා! බැනුම් අහමින් අපි නොරෙච්චෝලේ හැදුවේ නැත්නම් අද රටම අඳුරේ!

March 25, 2019 at 7:32 am | by admin

තම ආණ්ඩුව බලයේ සිටින විට දැන් පවතින ආකාරයේ විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුද සමයේ පවා ජනතාවට අඛණ්ඩව විදුලි බලය ලබා දුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටියි. නොරෙච්චෝලේ බලාගාරය තැනීමට ගිය මුදල මෙන් දහ ගුණයක් පමණ මේ වන ලාභ ලබා ඇතැයි විගණකාධිපතිවරයා පවසන බව හෙතෙම සිහිපත් කළේය.

අවුරුදු හතරක් තිස්සේ තම ආණ්ඩුව තැනූ දේවල් විවෘත කළ ආණ්ඩුව අද හම්බන්තොට තෙල් පිරිපහදුවකට සහ සිමෙන්ති කම්හලකට මුල්ගල් තැබූ බවත් සංවර්ධනය යහපත් බවත් පවසයි. කෙසේ වුවද මෙම ව්‍යාපෘති කෙදිනක ඉදිකර අවසන් වේදැයි තමන් නොදන්නා බව විපක්ෂ නායකවරයා පවසයි.

විවිධ ගැටලුකාරී මැද බැනුම් අසමින් නොරොච්චෝලයේ විදුලි බලාගාරය ඉදි කිරීම සිදු නොවුණා නම් ජනතාවට දිගටම අඳුරේ සිටීමට සිදුවන බව හෙතෙම ප්‍රකාශ කර සිටියේ අද (24) ගම්පොළ පැවති උත්සවයකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස