විදුලි මිල අඩු කරනවා! රවී

January 29, 2019 at 11:54 am | by admin

විකුණන මිලට වඩා වැඩි මිලට විදුලිය නිපදවන වැඩපිළිවෙළක් සඳහා තමා කිසි විටක යොමු නොවන බවත් සියලු අංශ සමග සාකච්ඡා කර ජනතාවට අඩු මිලට විදුලිය ලබා දීමට වැඩපිළිවෙළක් සකසන බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

“ලංවිම ඉංජිනේරු සංගමය සමගත්, වෘත්තීය පදනමක් තිබෙන පිරිස් සමගත් සාකච්ඡා කරලා, රටට ඔබින, පාරිභෝගිකයාට අඩු මිලට විදුලිය ලබාදෙන්න පුළුවන් විදුලි ජනනය කිරීමේ වැඩපිළිවෙලක් තමයි සකස් කරන්නේ. මම මේ මොහොතේ ඒ පිළිබදව අධ්‍යයනය කරමින් සිටින්නේ. වැඩිකල් යන්නට මත්තෙන් කැබිනට් එක තුළින් එම වැඩපිළිවෙල සාමුහිකව ඉදිරිපත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. හැකි ඉක්මණින් අඩු මුදලකට විදුලිය නිපදවන වැඩපිළිවෙලකට අවතීර්ණ වෙලා අහිංසක පාරිභෝගිකයන්ට සයනයක් ලබාදෙන්න වගේම ව්‍යාපාරිකයන්ට අසල්වැසි රටවල් සමග තරගකීමට හැකි තත්ත්වයක් උදාකරලා දෙනවා කියලා මම මේ මොහොතේ සහතික වෙනවා” යැයි හෙතෙම සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, ඊයේ (28) පෙරවරුවේ කොළඹ 03, ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා – 2019 තරගාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස