පූර්ව දැනුම්දීමක් නැතිව රට පුරා විටින් විට විදුලි කපයි!

March 22, 2019 at 10:23 pm | by admin

නොරෙච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් වූ පසු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ප්‍රකාශ කළ ද මේ වන විට කිසිදු පූර්ව දැනුම්දීමක් නොමැතිව රට පුරා විදුලි කප්පාදුවක් සිදු වන බවට විදුලි පාරිභෝගික ජනතාව චෝදනා කරති. මේ නිසා ජනතාව බොහෝ අපහසුතාවලට මුහුණ දෙති.

මේ ආකාරයට විදුලි කප්පාදු මගින් ජනතාව පීඩාවට පත් කර වැඩි මිලට විදුලිය මිලයට ගැනීමේ කුමන්ත්‍රණයක් විදුලිබල මණ්ඩල නිලධාරීන් පිරිසක් දියත් කර ඇති බවට ද චෝදනා නැඟෙයි.

පසුගිය සමයේ වැඩි වූ විදුලි බල ඉල්ලුම සපුරාලීම සඳහා කිසිදු මහ පරිමාණ විදුලි බලාගාරයක් නිර්මාණය නොකිරීමේ යටි අරමුණ ද එයම බවට සැක පළවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස