කංජිපානීගේ සිරමැදිරි දොරින් දුරකතනයක් මතුවෙයි! බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

December 26, 2019 at 10:28 am | by emanisa.lk

කුප්‍රකට පාතාළ නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියෙන් ජංගම දුරකථන හමු වී ඇති අතර ඒ පිළිබඳ වැඩි දුර විමර්ශන සිදුවෙයි.

එම දුරකතනය සොයා ගැණුනේ කංජිපානී රඳවා ඇති බූස්ස බන්ධනාගාරයේ ‘A 1’ සිර මැදිරියේ දොරෙහි සඟවා තිබියදීය.

බන්ධනාගාර මූලස්ථානය පැවැත් වූ විමර්ශනයකට පසු බූස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යෙදී සිටි ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙයට මාස කිහිපයකට පෙර කංජිපානිට ලබා දෙන ආහාර බඳුන්වල සඟවා ගෙන දුරකතන දෙකක් රැගෙන ආ ඔහුගේ පියා සහ ඥාතීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස